ලෝකයේ මිල අධිකම ජංගමදුරකථන
              10 ගැන සිංහලෙන් 
සියලුදෙනාම ආයුබෝවන් කියලා පිළිගන්වා අහස් වියන වෙතට.මම අද ඔයාලට කියන්න යන්නේ ලෝකයේ මිල අධිකම ජංගමදුරකථන 10 ගැන.
          හරි,මේ ජංගමදුරකථන ගැන කියනවනම් මේවා ඉතා අධික මිලකට තමා අලෙවි වෙන්නෙ.මේවා කවදාවත් සාමාන්‍ය පුද්ගලයනට මිලදී ගන්න නම් බෑ.මේ ජංගමදුරකථන විශේෂයෙන් නිපදවන්නෙ රජවරු,අතිශය ධනවත් ව්‍යපාරිකයින්,ජනාධිපතිවරුන් වැනි ධනවත් පුද්ගලයනට පමණයි.අපි බලමු මොනවද මේ මිල අධික ජංගමදුරකථන කියලා
10.Vertu Signature Diamond
Vertu signature diamond කියන්නෙ ලෝකයේ 10 වැනි ස්ථානය ලබාගන්න මිල අධිකම ජංගමදුරකථනය.vertu signature කියන්නෙ මිල අධික ජංගමදුරකථන නිපදවන සමාගමක්.මේ සමාගම නිපදවන්නෙ ඉතා මිලෙන් අධික ජංගමදුරකථන පමණයි.ඉතින් යම්කිසි ධනවත් පුද්ගලයෙකුට අවශ්‍ය නම් මේ සමාගමේ සේවය ලබාගෙන ඔවුන්ට අවශ්‍ය ආකාරයෙන් ජංගමදුරකථනයක් නිපදවාගත හැකීය.මේ ජංගමදුරකථය නිෂ්පාදනය කරලා තියෙන්නෙ 2005 වර්ෂයේ දි.මේ ජංගමදුරකථය නිපදවන්න ඉතා වටිනා දියමන්ති 200 ක් භාවිතා කරලා තියනවා.මෙහි බර 166g ක් පමණ වෙනවා.මේ ජංගමදුරකථනයේ මිල ඇමෙරිකානු ඩොලර්(US $)88,000 ක් වෙනවා.
09.Gresso Luxor Las Vegas Jackpot
මේ ජංගමදුරකථනය තමයි ලෝකයේ මිල අධික ජංගමදුරකථන වලින් 09 වන ස්ථානය හිමිකරගන්නේ.මෙය නිෂ්පාදනය කරන්නේ 2010 වර්ෂයේ දී.පෙනුමෙන් සාමාන්‍ය දුරකථනයක් වගේ පෙනුනට මෙය කැරට් 22 පිරිසිදු රත්රන් වලින් නිපදවා තියෙන්නේ.මෙය 120g ක බරකින් යුක්තයි.30mb මතක ධාරිතාවයකින් හා මෙගා පික්ශල් 2 ක කැමරාවකින් යුක්ත මෙම ජංගමදුරකථනයේ මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 1 කි.
08.Diamond Crypto Smartphone 
මෙම දුරකථනය හිමි කරගන්නෙ 08 වන ස්ථානයයි.මෙය නිෂ්පාදනය කරලා තියෙන්නෙ 2006 වර්ෂයේ දීය.මෙම දුරකථනය නිෂ්පාදනය සදහා පිරිසිදු සුදු රත්‍රන් හා ලෝකයේ මිල අධිකම දියමන්ති යොදාගෙන තිබෙනවා.දුරකථනයේ තිරය අගල් 2.2 හා මතක ධාරිතාවය 64mb වේ.මෙම ජංගමදුරකථනයේ මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 1.3 ක් වේ.
07.iphone princess plus 
Apple සමාගමේ නිෂ්පාදනය වන මෙම ජංගමදුරකථනය ලෝකයේ මිල අධිකම ජංගමදුරකථන අතරින් 07 වන ස්ථානය හිමිකරගන්නවා.ඉතා දැකුම්කළු නිමාවකින් යුක්ත මෙම දුරකථනය කැරට් 17.75 රත්‍රන් වලින් හා සුදු දියමන්ති 318 ක් යොදාගෙන නිපදවා තිබෙනවා.iphone princess plus දුරකථනය 32GB මතක ධාරිතාවයකින් හා ios Operating system මගින් මනා කාර්යක්ෂමව ක්‍රියා කරනවා.166g ක බරකින් යුක්ත මෙම ජංගමදුරකථනයේ මිල ඇමෙරිකානු ඩොලර් 1,70,000 ක් වේ.
06.Black Diamond Vipin
ලෝකයේ මිල අධිකම ජංගමදුරකථන අතරින් 06 වන ස්ථානය හිමිකරගන්නේ මෙම දුරකථනයයි. sony සමාගමේ නිෂ්පාදනයක් වන මෙහි විශේෂ  පහසුකම් රැසක් සමග පැමිණි මෙම දුරකථනය camera,wi-fi,SD Card slot,400MHz processer ආදී පහසුකම් රැසකින් සමන්විත වෙනවා.ඒ වගේම LED තාක්ෂණය යොදාගෙන නිපද වූ ලෝකයේ පළමු දුරකථනයද මෙයයි.මෙම ජංගමදුරකථනයේ body එක සම්පුර්ණයෙන්ම නිමවා තිබෙන්නේ මිල අධික දියමන්ති වලිනි.මෙම ජංගමදුරකථනය ඇමෙරිකානු ඩොලර් මිලියන 3 ක වටිනාකමකින් යුක්ත වේ.
05.Vertu Signature Cobra
ලෝකයේ මිල අධිකම ජංගමදුරකථන වලින් 05 වන ස්ථානය හිමිකරගන්නේ Vertu Signature Cobra දුරකථනයයි.ඉදිරිපස කැරට් 22 රත්‍රන් වලින් හා දියමන්ති වලින් නිපදවන ලද සර්පයෙකුගේ රුපයක් ඇති අතර මෙහි body එක සම්පුර්ණයෙන්ම නිපදවා ඇත්තේ කැරට් 22 රත්‍රන් වලිනි.166g ක බරකින් යුක්ත මෙම දුරකථනයේ මිල ඇමෙරිකානු ඩොලර් 3,10,000 වේ.
04.Tonino Lamborghini 88 Tauri
ලෝකයේ මිල අධිකම ජංගමදුරකථන වලින් 04 වන ස්ථානයේ පසුවන්නේ Tonino Lamborghini 88 Tauri ජංගමදුරකථනයයි.කැරට් 22 පිරිසිදු රත්‍රන් වලින් නිෂ්පාදිත මෙම දුරකථනයේ තිරය නොබිදෙන සුළු වීදුරු වලින් නිර්මිතයි.Android තාක්ෂණයෙන් බල ගැන්වෙන මෙම දුරකථනය පසුපස 20mp කැමරාවකින්ද ඉදිරිපස 8mp කැමරාවකින්ද,3GB ram ධාරිතාවයකින්ද යුක්තයි.මෙම දුරකථනය ඇමෙරිකානු ඩොලර් මිලියන 2.3 ක වටිනාකමකට හිමිකම් කියයි.
03.King Button iPhone 3G
King Button iphone 3G ජංගමදුරකථනය ලෝකයේ මිල අධිකම ජංගමදුරකථන වලින් 3 වන ස්ථානයට හිමිකම් කියයි.මෙම දුරකථනය දියමන්ති 138 න්ද,දුරකථනයේ home button එක කැරට් 6.6 ක වටිනා දියමන්තියකින්ද නිර්මිතයි.තිරය අගල් 3.5 ක් වන මෙම ජංගමදුරකථනයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5 කි.
02.Gold Sticker iPhone 3G 32GB
ලෝකයේ මිල අධිකම ජංගමදුරකථන අතරින් 02 වන ස්ථානය ලබාගෙන තිබෙන Gold Sticker iPhone 3G 32GB දුරකථනයයි. අගල් 3.5 ක තිරයකින් සමන්විත මෙම දුරකථන වටේට වටිනා දියමන්ති 136 ක් අල්ලා ඇත.මෙම දුරකථනයේ body එක සම්පූර්ණයෙන්ම නිමවා ඇත්තේ කැරට් 22 පිරිසිදු රත්‍රන් වලිනුයි.මෙහි home button එක කැරට් 7.1 දියමන්තියකින් නිමවා ඇත.මෙම ජංගමදුරකථනයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 3.2 ක් වේ.
01.Diamond Rose iPhone 32GB
ලෝකයේ මිල අධිකම ජංගමදුරකථනයට හිමිකම් කියන්නේ Apple සමාගමයි.මෙම දුරකථනය සම්පූර්ණයෙන්ම නිමවා තිබෙන්නේ දුර්ලභ දියමන්ති වර්ගයක් වන රෝස පැහැති දියමන්ති වලිනුයි.මෙහි වටේට රෝස දියමන්ති 500 ක් සවිකර ඇත.තවද පසුපස ඇති Apple logo එක නිමවා ඇත්තේ රෝස දියමන්ති 53 ක් යොදාගෙනයි.මෙම ජංගමදුරකථනයේ home button එක 16g රෝස දියමන්තියකින් නිමවා ඇත. මෙහි 32gb මතක ධාරිතාවක්ද,8mp පසුපස කැමරාවක්ද 2mp ඉදිරිපස කැමරාවක්ද සහිතව ios 4.0 යටතේ ක්‍රියාත්මක වේ.මෙම දුරකථනයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 8.2 ක් වේ.
                  ඉතිං,මේ ජංගමදුරකථන ඉතා ඉහළ මිලක් ගත්තත් එහි ඇත්තේ අඩු පහසුකම් ප්‍රමාණයක්.මෙම ජංගමදුරකථන ඉතා ධනවත් පුද්ගලයන් මීට අවුරුදු කිහිපයකට පෙර භාවිතා කළත් දැන් මේවා භාවිතයේ නැති තරම්‍ ය.
         ඉතින්,මේ ලිපිය ගැන ඔයාගෙ අදහස් පහළින් Comment කරන්න.ඒ වගේම ඔයාගෙ social media වල මේ ලිපිය share කරන්නත් අමතක කරන්න එපා.එහෙනම් මේ වගේ තවත් ලිපියක් අරන් ආයෙත් ඉක්මනටන එනකල්,ඔයාලට ජයෙන් ජයම වේවා.... 

Comments

Popular posts from this blog