ලෝකයේ භයානකම සුනඛයන් 10                        දෙනා


           සියලුදෙනාම ආයුබෝවන් කියලා පිළිගන්වා අහස් වියන වෙතට.අද මම ඔයාලට කියන්න යන්න ලෝකයේ භයානකම සුනඛයන් දසදෙනා පිළිබඳවයි.ඉතින් අපි හැමෝම නිවස් වල හුරතල් සතුන් ඇති කරලා තියනවනෙ සුනඛයා කියන්නෙත් අපි ගොඩක් කැමති සුරතල් සතෙක්.ඒ වගේම මෙයා අනිත් සතුන්ට වඩා මිනිසාත් සමග ගොඩක් හිතවත් සහ හොද ආරක්ෂකයෙක්.ඉතින් මේ කියන්න යන දසදෙනානම් මිනිසාත් සමග එච්චර හිතවත් නෑ.මෙයාලගෙන් මිනිසාට දරුණු ප්‍රහාර මෙන්ම මිනිසුන් මරනයට පවා පත්කර තිබෙනවා.හරි,එහෙනම් බලමු මෙයාලා කවුද කියලා.

01.Caucasian Shepherd

බැලු බැල්මට හරි අහිංසකයි වගේ නේද,නෑ මෙයා තමා ලෝකයේ භයානකම සුනඛයා.මේ සුනඛයා රුසියාව සහ යුරෝපීය රටවල වල තමා වැඩි වශයෙන් දක්නට ලැබෙන්නෙ.Caucasian Shepherd වැඩුනු සුනඛයෙකු 50kg පමණ බරකින් යුක්තයි.ඒ වගේම මෙයාගෙ ආයු කාලය අවුරුදු 10-12 අතර කාලයක් වෙනවා.

02.Pit Bull

ඉතා ශක්තිමත් සුනඛයෙකු වන Pit Bull ලොව භයානකම සුනඛයන්ගෙන් දෙවන ස්ථානයේ පසු වෙන්නේ.මෙම වැඩුනු සුනඛයෙකු 45kg ක බරකින් යුක්ත වෙනවා.මෙම සුනඛයාගේ ප්‍රහාර වලින් මිනිසුන් දරුණු ලෙස තුවාල ලබා තිබෙනවා.ඒ වගේම මෙම සුනඛයන් පුහුණු කර සුනඛ සටන් වලට යොදාගැනෙන බව සදහන් වෙනවා.එහිදි එක් සුනඛයෙකු මියයන තෙක්ම ඔවුන් දරුණු ලෙස සටන් වදින බවත් සදහන් වෙනවා.

03.Perro de Presa Canario

ඉතා ශක්තිමත් මෙන්ම වේගවත් සුනඛයෙකු වන perro de presa canario ගේ දරුණු ප්‍රහාර රැසක් විටින් විට වාර්තා වෙනවා.යුරෝපීය රටවල සත්ව ගොවිපළවල් වල සතුන් දඩයම් කර මරා දැමු පුවතක් පසුගිය කාලයේදී වාර්තා වූ බව සදහන් වෙනවා එයට හිමිකම් කියන්නේ මොහුයි.

04.Rottweiler

ඇමෙරිකාවෙන් වාර්තා වුනු සුනඛ ප්‍රහාර වලින් වැඩිම ප්‍රමාණයකට හිමිකම් කියන්නේ මෙම සුනඛයායි.මෙම සුනඛයාට මනා බුද්ධියක් ඇති බව වාර්තා වෙනවා.ඒ වගේ ම ඉතා ඉක්මනින් දරුණු ප්‍රහාරයක් සිදු කිරීමට මොහුට හැකියාව තිබෙනවා.

05.Fila Brasileiro

බ්‍රසිලයට අයත් මේ සුනඛයා ඉතා ආක්‍රමණශිලී හා ශක්තිමත් වෙනවා.වැඩුනු Fila Brasileiro සුනඛයෙකු 55-60kg අතර බරකින් යුක්ත වෙනවා.මෙම සුනඛයාගේ ආයු කාලය අවුරුදු 10-12 අතර කාලයක් වෙනවා.

06.Alaskan Malamute

Alaskan Malamute නම් සුනඛයා ඉතා භයානක මෙන්ම දක්ෂ දඩයක්කරුවෙක් ද වෙනවා.මොවුන් ඉතා වේගවත් හා හොද බුද්ධි මට්ටමකින්ද යුක්තයි.මෙම සුනඛයාට විශාල ගවයන් වැනි සතුන් පවා පහසුවෙන් දඩයම් කිරීමේ හැකියාව පවතී.වැඩුණු Alaskan Malamute සුනඛයෙකු 60-70kg අතර බරකින් යුක්ත වන අතර මොවුන්ගේ ආයු කාලය අවුරුදු 12-14 ත් අතර කාලයක් වෙනවා.

07.Wolfdog

වෘක පවුලෙන් පැවතගෙන එන wolfdog මිනිසුන්ට ඉතා දරුණු ප්‍රහාර මෙන්ම මිනිසුන් මරණයට පත් කළ භයානක සුනඛයෙකි.ඉතා ශක්තිමත් මෙන්ම ආක්‍රමණශිලී මෙම සුනඛයා සාමාන්‍යයෙන් 50-60kg බරකින් යුක්ත වෙයි.

08.Bullmastiff

Bullmastiff සුනඛයා ශක්තිමත් හා ආක්‍රමණශිලී සුනඛයෙකි.වැඩුණු Bullmastiff සුනඛයෙකු 50-70kg අතර බරකින් යුක්තයි.මොවුන් සාමාන්‍යයෙන් මිනිසුන් සමග මිත්‍රශීලී වුවත් පාලනයෙන් මිදුණු විට ඉතා භයානක සුනඛයෙකි.

09.Husky

ඉතා භයානක සුනඛයෙකු වන Husky උතුරු ඇමෙරිකාවේ කුඩා දරුවෙකු දරුණු ලෙස සපා කා මරනයට පත්කර තිබෙනවා.එමෙන්ම මොවුන් සත්ව ගොවිපළවල ගවයන්,එලුවන් වැනි සතුන්  දරුණු ලෙස ඝාතනය කරදමා තිබෙනවා.මොවුන් 50-60kg අතර බරකින් යුක්ත වේ.

10.Doberman Pinschers

ඉතා භයානක සුනඛයෙකු වන Doberman pinschers මිනිසුන්ට මෙන්ම සතුන්ට ද දැඩි ලෙස ප්‍රහාර එල්ල කළ සුනඛයෙකි.මෙම සුනඛයා පුහුණු කරමින් සිටි බ්‍රිතාන්‍ය පොලිස් නිලධාරියෙකු දරුණු ලෙස සපා කෑමෙන් ඔහුව රෝහල් ගත කරපු පුවතක් පසුගියදා වාර්තා වුණි.මෙම සුනඛයන් සාමාන්‍යයෙන් උස අඩි 3-5 අතර ප්‍රමාණයක් වැඩෙන අතර මොවුන්ගේ බර 40-60kg අතර ප්‍රමාණයක් වේ.
                   ඉතින්, මේ ලිපිය ගැන ඔයාගෙ අදහසුත් පහළින් Comment කරන්න.ඒවගේම අනිත් අයටත් බලන්න ඔයාගෙ social media වලත් මේ ලිපිය Share කරන්නත් අමතක කරන්න එපා.තවත් මේ වගේ රසවත් ලිපියක් අරන් ආයෙත් එනකල් ඔයාලට ජයෙන් ජයම වේවා....

Comments

Popular posts from this blog